අයගම පොලිස් වසමේ කොළඹෑව ප්රදේශයේදී ඊයේ (20දා) රාත්රී කාන්තාවකට හා ඇයගේ වයස අවුරුදු 16 ක් වූ දරුවෙකුට ඇසිඩ් ප්රහාරයක් එල්ල කිරීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති බවට අයගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එම කාන්තාව සහ දරුවා අයගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 40 ක් වූ කොළඹෑව, ගවරගිරිය ප්රදේශයේ පදිංචිකාරියකි.අසල්වැසියන් පිරිසක් සමඟ ඇතිවූ පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය රත්නපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.