ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද (08) රාත්‍රීයේ යෙදෙන සුබ මොහොතින් සිදුවේ.
රාත්‍රී 6.51 ට උතුරු දිශාභිමුඛව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමඟින් පිටත්ව දළදා පෙරහැර වීදි සංචාරයට එක්වේ.
දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කරන පෙරහැර රජ වීදියෙන් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවදීම සිදු කෙරේ.
අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව පෙරහැර කරඩුව ඓතිහාසික ගෙඩිගේ රජ මහ විහාරයේ තැම්පත් කිරීම සිදුවන අතර අනතුරුව සිව් මහා දේවල ගැටඹේ දිය කපනා ගං තොටට පැමිණ පසුදින (09) අළුයම දිය කැපීමේ චාරිත්‍රය ඉටු කරයි. පසුව ගණ දෙවි කෝවිලට පැමිණ පුද පූජා ඉටු කිරිම සිදු කරයි.
ඉන් අනතුරුව එදින (09) ගණ දෙවි කෝවිලේ සිට පස්වරු 12.53 ට උතුරු දිශාභිමුඛව පිටත්ව ඓතිහාසික ගෙඩිගේ රජ මහ විහාර දක්වා පැමිණේ.
දිවා පෙරහැර පස්වරු 02.16 ට උතුරු දිශාභිමුඛව ඓතිහාසික ගෙඩිගේ රජ මහ විහාරයේ සිට පිටත්ව දළදා දළදා මාලිගාව දක්වා පැමිණ සතර දේවාල පෙරහර සමග එක්වී ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදීය, රජ වීදියට ප්රවේශවී දළදා මාලිගා චතුරස්රයේ තෙවරක් ප්රදක්ෂිණා කිරීම සිදුකර පස්වරු 4.42 ට උතුරු දිභාභිමුඛව පෙරහර ගෙවදීම සිදු කෙරේ.
මහනුවර ජනපති මැදුරේදී දියවඩන නිලමේවරයා විසින් පෙරහැර සන්දේශය ජනාධිපතිවරයා වෙත භාර දීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වේ.
දුම්බර ප්‍රදීප්/ෂේන් සෙනෙවිරත්න