ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ 15 කනුව ප්රදේශයේ දී 15කට මරු කැදවා 18 කට තුවාල සිදුවු ස්ථානයයේ පස්බැමි යොදා ආරක්ශිත බැම්මක් අද (10) ඉදිකල බව ඌවපලාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා පවසයි .
තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් පවුලේ උදවිය සමග විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී ඉකුත් 4 වනදින රාත්රි එම විනෝද චාරිකා බස් රථය අඩ් දහසක පමන ප්රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවිය.
මෙම ස්ථානයේ මීට පෙර ත් මාර්ග අනතුරු කීපයක් සිදු වී විශාල ජීව්ත රැසක් අහිමි වූ බවත් එම නිසා මාරක අඅනතුරු අවම කිරිමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්වී මෙසේ මෙම ස්ථානයයේ පස්බැමි යොදා ආරක්ශිත බැම්මක් ඉදිකර තිබේ.
මෙම මාරක රිය අනතුරින් පසුව ඌවපලාතේ රාජ්ය ආයතන 28 ක ප්රධානත්වයෙන් ඌවපලාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා ගේ උපදෙස් මත පැවති මාර්ග ආරක්ශාව පිළිබඳ කමිටු රැස්වීමේදී ගත් තීරනයක් මෙම වැඩපිළිවෙළ දිස්ත්රික්කයේ අනතුරු දායක ස්ථානවල ඉදිකිරීම ට කටයුතු සිදු කරන බවත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා වැඩිදුර සදහන් කලේය .
ඇල්ල ප්රසාද් රුක්මල්
