ඇල්ල,වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසල ඉකුත්දා සිදුවූ බිහිසුණු බස් රථ අනතුරින් තුවාලලත් රෝගීන් බේරා ගැනීමට තම ජීවිතය පරදුවට තබා ක්‍රියා කල නිවාඩු ලබා සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලාට නිල උසස් වීමක් ලබාදී මුල්‍යමය වශයෙන්ද ආධාර කර ඇගයීමට ලක් කිරීම යුද හමුදා මුලස්ථානයේදී සිදුකර ඇත.
මෙසේ ඇගයීමට ලක්වී ඇත්තේ යුද හමුදා 2 වන විශේෂ බලකායේ ඩබ්ලිව්. එම්. වී. එම්. බණ්ඩාර නැමැති සාමාන්‍ය සෙබලකු වන අතර ඔහූ ලාන්ස් කෝප්රල් නිලයට උසස් කර ඇත. තවද ඔහුගේ වීර ක්‍රියාව යුද හමුදාපති තුමා ගේ විශේෂ ඇගයීමට ලක්කර මුල්‍යමය පරිත්‍යාගයක්ද ලබාදී ඇත.
මෙම අවස්ථාවේදී ත්‍රිවිධ හමුදා ප්‍රවීනයන්ගේ සංගමයේ සභාපති විශ්‍රාමික ලුතිතන් කර්නල් අජිත් සියබලාපිටිය මහතා මුල්‍යමය පරිත්‍යාගය සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත. ෙ
වදුරඹ සිරිනිහාල් ගමගේ
