තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් පවුලේ උදවිය සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු යන අතරතුරේදී ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ 15 කනුව ප්රදේශයේ දී විනෝද චාරිකා පෞද්ගලික බස් රථය අඩි දහසක පමන ප්රපාතයකට පෙරලීයාමෙන් වූ බස් රථ අනතුරින් මියගිය 15 දෙනාගේ මෘත දේහයන් බදුල්ල සිට තංගල්ල සිය නිවෙස් කරා මුස්ලිම් ජාතික ජනතාව විසින් නොම්ලේ ඊයේ (5) රාත්රි ප්රවාහනය කර දුන්නේය.
මෙම මාරක බස් රථ අනතුර ඉකුත් 4 වනදින රාත්රි සිදු වූයේ මෙම විනෝද චාරිකාවේ ගිය පිරිස නුවරඑළිය සිට ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගය ඔස්සේ යලි තංගල්ල බලා ගමන් කරමින් සිටි අවස්ථාවේදීය.
මෙම විනෝද චාරිකා බස් රථය ඇල්ල 15 කනුව ප්රදේශයේ දී ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයකද ගැටී පසුව මාර්ගය අසල ආරක්ශිත යකඩ වැටේ ගැටී පසුව අඩි දහසක පමන රාවණා ඇල්ල ප්රපාතයට පෙරලී ගොස් මෙම අනතුර සිදු විය .
මෙම ශෝකජනක අවස්ථාවේ එම අසරණ ජනතාවට පිහිට වෙමින් උදවු කර සහනයක් ලබා දීමේ අරමුනින් මුස්ලිම් ජනතාව ගේ බදුල්ල දිස්ත්රික් "ජනාසා" (මරණාධාර) සම්තිය මගින් මෙම සද්ක්රියාව සිදුකල බව බදුල්ල දිස්ත්රික් ජනාසා(මරණාධාර ) සමිතියේ සංවිධායක සහ බදුල්ල ශික්ශන රෝහලේ හදිසි මරණ පරීක්ශක එම්.එස්.එම්.ෆයිසාල් මහතා පැවසීය .
කිසිදු ජාති ආගම් භේදයකින් තොරව සියලුම ජාතින්ට, ආගම්වලට අයත් ජනතාව වෙනුවෙන් පොදු සේවාවක් ලබා දීම මෙම ජනාසා සමිතියේ අරමුණ බව කියන හදිසි මරණ පරීක්ෂක එම්.එස් .එම්. ෆයිසාල් මහතා මේ සදහා ජනාසා සමිතියේ සංවිධායක එච් එම් ජවුෆර් මහතා ඇතුලු බදුල්ල , බණ්ඩාරවෙල ,දියතලාව , වැලිමඩ ජුම්මා පල්ලි සහ බකිනිගහවෙල, මාතර ජුම්මා පල්ලිවල සහය ලැබුණු බවද සදහන් කලේය .
ඇල්ල ප්රසාද් රුක්මාල්
