"ඇල්ල පල්ලමේ බස් රථය ධාවනය වෙමින් තිබියදී බසයේ සහයක එක්වරම බස් එක බ්රේක් ඩවුන් වෙලා ඔක්කොම අය හයියෙන් අල්ලාගෙන පහත් වෙන්න කියා බසයේ සිටි සියලු දෙනාට හයියෙන් කෑගසා කිව්වා . ඒ සමගම බස් රථය දඩාං, දඩාං ගා විශාල ශබ්දයක් නගමින් එක්වරම පාර අයිනේ තිබු ආරක්ශිත යකඩ වැටක දෙපාරක් ගැටී රාවනාඇල්ල ප්රපාතයට පෙරලී ගියා.ඒ සමග ප්රපාතයෙ පහලට පෙරලීගිය බසයෙ ජනේලයක් ගැලවී ගොස් මා බසයෙන් එළියට විසිවී ප්රපාතයෙ පදුරක් උඩට වැටුනා. ඒ අසලම පොඩ් බබෙක්, සදානා , නිලූකා මිස් වැටී කෙදිරිගාමින් උදවු ඉල්ලමින් කෑගැසුවා "
තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් රැගත් විනෝද චාරිකාවක යමින් තිබු පෞද්ගලික වන්දනා බසයක් ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්රදේශයේ දී ඊයේ (4) රාත්රි මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ජීප් රථයකද ගැටී මාර්ගයෙන් ඉවතට පැන අඩ් දහසක පමන රාවණා ඇල්ල ප්රපාතයට පෙරලී 15 දෙනෙකුට මරු කැදවමින් 18 කට තුවාල සිදු කරමින් සිදු වූ විනෝද චාරිකා බස් රථ අනතුරින් අනූනවයෙන් දිවි බේරා ගෙන සුලු තුවාල ලැබූ මෙම විනෝද චාරිකාව සංවිධානය කල බෙලිඅත්ත කුඩාහිලල පදිංචි තංගල්ල නගර සභාවේ කලමනාකරන සේවා නිළධාරිනියක ලෙස සේවය කරන ඉශාරා මධුශානි මුනසිංහ (35) මහත්මිය එසේ සිය බිහිසුණු අත්දැකීම විස්තර කරමින් පැවසුවාය .
බදුල්ල ශික්ශන රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් පසුවන ඉශාර මහත්මිය මෙසේද සිය බිහිසුණු අත්දැකීම විස්තර කලාය.
"මම විවාහකයි .දරුවන් තිදෙනෙකු සිටිනවා අපි තංගල්ල නගර සභාවේ සේවක පිරිස ඔවුන්ගේ පවුල් වල අය සමගඑක්වී නුවරඑළිය විනෝද චාරිකාවක යන්න විනෝද චාරිකා ගමනක් මම සූදානම් කලා.ඒඅනුව අපි නගර සභාවේ සේවක පිරිස හා ඔවුන්ගේ පවුල් වල අය එක්වී 31ක් පමන පිරිසක් මෙම ගමනට එකතු වුනා .
අපි ඊයේ (4) උදේ පාන්දර 3.30ට පමන තංගල්ල සිට නුවරඑළිය විනෝද චාරිකාව යන්න පිටත් වුනා.උදේ ඇල්ල රාවණා ඇල්ල ට ඇවිත් අපි උදේ කෑම කාලා රාවණාදිය ඇල්ල නරඹා පසුව නුවරඑළිය යන්න පිටත් වුනා.
හපුතලේ ට ගිය අපි එඩිසන් ඓතිහාසික බංගලාව බලලා විනෝද වෙලා හැමෝම සතුටින් ජායාරූප ගත්තා .ඉන්පසුව බෝබුරුදිය ඇල්ල නරබා නාලා පසුව නුවරඑළිය ගියා.එහි වික්ටෝරියා පාක් එකටත් ගියා පසුව එන ගමන් සීතා එලිය කෝවිලටත් ගියා.පසුව අපි වැලිමඩ , බණ්ඩාරවෙල කුඹල්වෙල ඇල්ල වැල්ලවාය මාර්ගය ඔස්සේ යලි තංගල්ල බලා ගමන් කරමින් හිටියේ .
මේවනවිට රෑබෝවෙලා තිබුනේ .මම බස් රථයයේ ඉදිරි දොර ටුව අසල වම්පැත්තේ තුන්වන ආසන පෙලේ වාඩිවි සිටියේ . ගමන් මහන්සිය විඩාව නිසා . බස් රථයේ සිටි අනික් පිරිස සිංදු කියමින් නටමින් හරිම විනෝදයෙන් බස් එකේ ආවේ. මෙහෙම බස් රථය ඇල්ල නගරය පසුකර රාවණා දිය ඇල්ල දෙසට ධාවනය වෙමින් තිබියදී ඇල්ල 15 කනුව ප්රදේශයේ දී බසයේ රියැදුරු මහතා සහයක මල්ලිට කිසියම් දෙයක් කීවා.පසුව සහයක මල්ලි බස් එක ඇතුලේ සිටි සේරම අයට ඇහෙන්න හයියෙන් කිව්වා බස් එක බ්රේක් ඩවුන් වෙලා තියෙන්නේ .ඔක්කොම අය හයියෙන් අල්ලාගෙන පාත්වෙන්න කියලා .
ඒ සමගම බස් එක ඉස්සරහින් ආපු ජීප් රථයක ගැටිලා මාර්ගය අයිනේ සවිකර තිබෙන ආරක්ශිත යකඩ වැටියේ දඩාං , දඩාං ගාලා විශාල ශබ්දයක් නගිමින් දෙවරක් හැප්පිලා එක්වරම රාවණා ඇල්ල ප්රපාතයට පෙරලීගියා.
එවිට බස් එකේ සිටි අය හයියෙන් කෑගැසුවා.බස් රථයේ වීදුරුවක් කැඩී ගැල්වී ගොස් මාව එලියට විසිවී ප්රපාතයෙ පදුරක් මතට.වැටුනා.ඒ සමගම කලුවරේ පහලට පෙරලී ආ ගල් කීපයක් මගේ හිසේ වැදුනා.පසුව හදඑලිය සමග මමදැක්කා මම අසලින් පොඩි බබෙක්, සදානා , නිලුකා මිස්ලා වැටිලා කෙදිරි ගාමින් උදව් ඉල්ලා කෑගසනවා. අපි ආපු බස් එක පේන්න තිබුනේ නෑ.මොනවා උනාද කියා හිතා ගන්න බැරිව හිටියේ .ටික වේලාවකට පසුව ප්රපාතයට බැසපු අය අමාරුවෙන් අපිව උඩ පාරට අරගෙන ගිහින් ගිලන් රථ වල දමාගෙන බදුල්ල රෝහලට අරගෙන ගියා.
මේක හරියට සිහිනයක් වගේ.මොනවාත් හිතන්න වේලාවක් අපිට තිබුනේ නෑ.පසුව දැනගන්නට ලැබුනා අපි සමග එකට.ආපු කිහිප දෙනෙක් මියගිය බව .
මෙම මාරක බස් රථ අනතුර සිදුවන අවස්ථාවේ අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුර සිට බදුල්ල බලා සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටියදි එම බස් රථ අනතුර සියැසින් දුටු අයෙක් මෙසේ කීය .
මම බදුල්ලේ එන්න මාකුඹුර සිට සවස 6.00ට අධිවේගී මාර්ගය ඔස්සේ බදුල්ල එන බස් එකට නැග්ගා .බස් රථය රාවණා දිය ඇල්ල පසු කර ඇල්ල දෙසට ධාවනය වෙමින් තිබියදී එක්වරම 15 කනුව ප්රදේශයේ දී ඉදිරියෙන් පැමිනි පෞද්ගලික බස් රථයක් මාර්ගයයේ ධාවනය වෙමින් තිබූ ජීප් රථයක ගැටිමෙන් පසුව වංගු සහිත ස්ථානයේ මාර්ගය අසල සවිකර තිබු ආරක්ශිත යකඩ වැටක ගැටී බස් රථය රාවණා ඇල්ල ප්රපාතයට පෙරලී ගිහින් තිබුනා.බස් රථයේ පැමිනි උදවිය කෑගසන හඩ අපිට ඇසුනා.
පසුව යුධ හමුදා නිළධාරින් පොලිස් නිළධාරින් අවට ගම්වාසීන් විශාල පිරිසක් එක්වී ප්රපාතයට වැටී සිටි තුවාලකරුවන් උඩට හෙන ගිලන් රථ වල දමා ගෙන රෝහලට රැගෙන ගියා."
මෙම විනෝද චාරිකාව අවසානයේ එකම මළගමක් බවට පත්වූයේ තත්පර කීපයක් තුලදීය .
ඇල්ල ප්රසාද් රුක්මාල්


