ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ 12 කනුව ප්රදේශයේ දී 15 කට මරු කැදවා 18 කට තුවාල සිදුකරමින් අඩි දහසක පමන ප්රපාතයකට පෙරලී අනතුරට පත් විනෝද චාරිකා බස් රථයේ අනතුරට හේතුව වශයෙන් බසයෙ තිරිංග පද්ධතියේ දෝශයක් මෙන්ම රියැදුරු බසය අධික පල්ලමේ හතරවන ගියරයේ ධාවනය කර ඇති බවට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ විශේශ්ය කකණ්යමක් විසින් දැනට සිදු කර ගෙන යන පරීක්ෂන කටයුතු වලින් අනාවරණය වී ඇත.
තංගල්ල නගර සභා සේවක පිරිසක් සිය පවුලේ උදවිය සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 4 වනදින රාත්රි ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ 12 කනුව ප්රදේශයේ දී අඩ් දහහසක පමන ප්රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවිය.
මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම්වරයා , බස් රථයේ රියැදුරු ඇතුලු 15 දෙනකු මරුමුවට පත් වූ අතර 18ක් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කරනු ලැබූහ .
එම තුවාලකරුවන් ගෙන් දැනට හයදෙනෙකු මේවනවිටත් බදුල්ල ශික්ශන රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් පසුවෙති .
මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයාගේ උපදෙස් මත මෙම අනතුරට සම්බන්ධ විනෝද චාරිකා බස් රථයේ සුන්බුන් පරික්ෂා කර බලා අනතුරට හේතුව සොයා බැලිමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික ) අනුර බතීගම, ප්රධාන මෝටර් රථ වාහන පරීක්ෂ්ශක ප්රභාත් රාජතේව, ප්රධාන මෝටර් රථ වාහන පරීක්ෂකවරුන් වන නිශාන්ත හෙට්ටිආරච්චි (මහනුවර ), ජාලිය බංඩාර (නුවරඑළිය ), හසිත රන්දෙණිය (කුරුණෑගල), හසිත් කුලතුංග (කෑගල්ල ), යන විශේශ්ය කංඩායම සමග බදුල්ල ප්රධාන මෝටර් රථ වාහන පරීක්ෂක හේමාල් ධර්මසේන , මෝටර් රථ වාහන පරීක්ෂක නුවන් චාමිකර කරවිට යන මහත්වරුන් ඊයේ (9) ඇල්ල ට එවා තිබු අතර , එම නිළධාරින් හාලිඇල නගරයේ න් ගෙනා දොබකරයක ආධාරයෙන් බණ්ඩාරවෙල දෝව ප්රදේශයේ ගරාජයක සේවක පිරිසකගේ සහය මත ප්රපාතයට පෙරලී අනතුරට පත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථයයේ ඇල්ල පොලිසියේ ගොඩගසා ඇති සුන්බුන් කොටස් එකින් එක ගලවා පරික්ෂා කරන්නට වූහ .
එහිදී බසයේ ගියර් පෙට්ටිය ගලවා පරික්ෂා කල අතර එහිදී එම බස් රථයේ රියැදුරු අනතුර සිදුවන අවස්ථාව වනවිට විනෝද චාරිකා බස් රථය ඇල්ල වැල්ලවාය මාර්ගයේ පල්ලමේ හතරවන ගියරයේ ධාවනය කර ඇති බවත් , බස් රථයේ තිරිංග පද්ධතියේ දෝශයක් කලක සිට තිබු බවටත් දැනට සිදුකල පරීක්ෂන කටයුතු වලින් පෙනී ගොස් ඇති බවත් මෙම නිළධාරින් සිදුකරන පරීක්ෂන කටයුතු වලදී හෙලිකරගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම අනතුරට සම්බන්ධ බස් රථයේ සුන්බුන් කොටස් තව දුරටත් පරික්ෂා කරමින් සිටින බවත් ,අදාළ දත්ත, විශ්ලේෂණ අනුව පැහැදිලි නිගමනයකට ගොස් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී වාර්තාවක් ලබා දෙන බවද මෙම පරීක්ෂන කටයුතු සිදු කරන නිළධාරින් සදහන් කලේය .
ඇල්ල ප්රසාද් රුක්මාල්
