ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15 කට මරු කැදවා 18 කට තුවාල සිදුකරමින් අඩි දහසක පමන රාවණා ඇල්ල ප්‍රපාතයකට පෙරලීගිය ගිය විනෝද චාරිකා බස් රථයේ සුන්බුන් කොටස් ගොඩ දොබකර දෙකක ආධාරයෙන් පැය දහයක පමන මෙහෙයුමකින් පසුව අද (6) ප්‍රපාතයෙන් ගොඩට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .
තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් සිය පවුල් වල සාමාජිකයන් සමග නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක ගොස් ආපසු ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ඔස්සේ තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 4 වනදින රාත්‍රි මෙසේ මෙම විනෝද චාරිකා පෞද්ගලික බස් රථය ඇල්ල රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයකද ගැටී මාර්ගය අසල සවිකර තිබු ආරක්ශිත යකඩ වැටේ ගැටී රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුවිය.
ප්‍රපාතයට පෙරලී ගිය බස් රථය එකම සුන්බුන් ගොඩක් බවට පත්ව අඩි දහසක පමන ප්‍රපාතයෙ තැනින් තැන විසිරී ගොස් තිබු
ඇඹිලිපිටිය ප්‍රදේශයේන් පෞද්ගලික සමාගමක සතු දොබකර දෙකක් මෙසේ ගෙනවිත් දස දෙනෙකු ගෙන් සමන්විත කංඩායමක් මෙම විනෝද චාරිකා බස් රථයේ සුන්බුන් කොටස් මෙසේ ප්‍රපාතයෙන් උඩට ගෙන තට්ටු ලොරියක පටවාගෙන ඇල්ල පොලිසිය ට රැගෙන ආ බවත් ඇල්ල සහකාර පොලිස් අධිකාරි රුවන් ප්‍රනාන්දු මහතා සදහන් කලේය .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්





