සිසු ඝනත්වය අඩුවීයාමෙන් මේ වන විට ඇල්පිටිය අධයාපන කලාපයේ පාසල් දහසයක් වැසීයාමේ දැඩි තර්ජනයකට ලක්වී ඇති බව ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්යක්ෂ පුබුදු මලවලආරච්චි මහතා කීවේය.
ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් ඌරගස්මංහන්දිය හිපන්කන්ද විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමින් පුබුදු මලවලආරච්චි මහතා මෙසේ කීවේය.වැසීයාමේ තර්ජනයට ලක්ව ඇති මේ පාසල් දහසයේම සිසු,සිසුවියන් පනහට අඩු පාසල් බවද ඒ මහතා කී අතර සිසු,සිසුවිය පනහට අඩු පාසල් වසා දැමීමට රජය මගින් තීරණයක් ගෙන ඇති බවද කීය.
ඒ අනුව වැසී යාමේ තර්ජනයට ලක්වූ පාසල් දහසයෙන් මේ වසර ආරම්භයේදම පාසල් තුනක් වසා දැමීමට පියවර ගත් බවද ඔහු කීවේය.සිය අධයාපන කලාපයේ පාසල් හතක එක වසරට මේ ව වසරේ එකදු සිසුවෙකුවත් ඇතුළත්වී නැති බවද ඒ මහතා වැඩි දුරටත් කීවේය.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ ඇල්පිටිය චන්දසිරි ගුණසේකර
