ඇල්පිටිය මැතිවරණයෙන් පොහොට්ටුව ජය ගනියි
10.00PM
ඇල්පිටිය ප්‍රා දේශීය සභා මැතිවරණයේ සෑම කොට්ටාසයකම ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය. ඒ අනුව ඔවුන් ආසන 17ක ජය හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23372ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10113ක් හිමිකර ගනිමින් මන්ත්‍රී ආසන 7ක් හිමිකරගෙන තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273ක් හිමිකර ගනිමින් මන්ත්‍රී ආසන 3ක් හිමිකරගෙන ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2435ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 2ක් හිමිකරගෙන තිබේ.
4.10 PM
ඇල්ලපිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම අද (11දා) සවස 4 ට අවසන් විය.
ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 75කට ආසන්න අගයකට පැමිණ තිබුණි.
මධ්‍යස්ථාන 47ක ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවූ අතර එම මධ්‍යස්ථාන තුළම ඡන්දය ගණන් කිරීමට නියමිතය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාල ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය නිකුත් කරනු ලබන්නේ ඇල්පිටිය ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටි ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදීයි.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවැසුවේ ඉතා සාමකාමී මැතිවරණයක් ලෙස ඡන්ද විමසීම පැවැති බවයි.
7.00 AM
සභිකයන් 28ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ.
පෙ.ව. 7.00ට ඡන්ද විමසීම ආරම්භ වූ අතර එය පස්වරු 4.00ට අවසන්විමට නියමිතය. මන්ත්‍රී ආසන 28ක් වෙනුවෙන් 85 දෙනෙකු තරග වදියි. ඡන්ද දායකයන් 53384ක් ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් සුදුසුකම් ලබා තිබේ.
popular news
-
හිස්බුල්ල Saturday, 12 October 2019 06:07 PM
හිස්බුල්ල දේශප්‍රේමී වුන එකේ දැන් නම් මුළු ලංකාවේම බහුතරය ගන්නවා ගෝඨාභය. ෂරිය විශ්ව විද්‍යාලයත් ගොඩ. සිංහල චන්ද 60% යි නැගෙනහිර මුස්ලිම් චන්ද 70% දැන් ගෝඨාභයට. ශිවජිලින්ගමුත් නොමිනටිඔන් දුන්නේ දේශප්‍රේමී වෙන්න තම . එතකොට ප්‍රබකරන්ගේ චන්දත් පොහොට්ටුවට. කේ පි ත් සම්පුර්ණ සහය පල කරවී. ජය ස්ථිරයි
Reply : 0 0
නිදහසේ අගය Saturday, 12 October 2019 07:37 PM
අද තනිව පාරේ යාමේ නිදහස අප සතුය. අතුරුදන් නොවි සිටිමේ නිදහස අප සතුය. සිදුවූ අසාධාරණයකට එරෙහිව සාක්ෂි ලබා ගැනීමට තොරතතුරු දැන ගැනිමේ පනත අප සතුය. ජනාධිපතිට හිතු මතේට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බව තින්දුවී හමාරය. පොලිස් කාරයෙකු මාරු කිරිමට ජනාධිපතිට බැරිය. ශිරාණී බණ්ඩාරනායක නෙරපූ විධායක ජනාධිපති නිකුත් කරන ගැසට් පත්‍ර අවලංගු කිරීමේ බලය අද අධිකරණය සතුය. රාජපක්ෂලා සහතික නොදුන්නත් එය එසේමය. එය වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා දිනයක් එළඹේ. අප බලා සිටිමු. නිදහසේ අගය දැනෙන්නේ එය නැති වූ විටය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
