ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ ප්රචාරක කටයුතු අද (08) මධ්‍යම රාත්‍රි 12න් අවසන් කෙරේ.
ඒ අනුව අද රාත්‍රි 12න් පසු පැය 24ක නිහඬ කාලයක් ක්‍රියාත්මක වන ඇති බැව් මැතිවරණ කොමිසම පවසයි. ඇල්පිටිය ප්‍රදේශිය සභා මැතිවරණය 11 වැනි දින පැවැත්විමට නියමිතව ඇත. ඇල්පිටිය ප්‍රදේශිය සභා මැතිවරණය සදහා දේශපාලන පක්ෂ 05කට අයත් අපේක්ෂකයින් 155 දෙනෙකු තරග බිමට පිවිස ඇත
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ප්රජාතන්ත්රවාදි එක්සත් ජාතික පෙරමුණ යන පක්ෂ ඇල්පිටිය ප්‍රදේශිය සභා මැතිවරණය සදහා තරග කරති.
ඡන්ද කොට්ඨාස 17කින් අපේක්ෂකයින් 17 දෙනෙකු සහ දෙවැනි ලැයිස්තුවෙන් අපේක්ෂකයින් 11 දෙනෙකු සමග මන්ත්‍රිවරු 28 දෙනෙකු මෙවර ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ දි තෝරාපත්කර ගැනිමට නියමිතව ඇත.
ජිනේෂ් නානායක්කාර
