ඇමෙරිකාවේ සිට ක්‍රියාත්මක සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සහන සහ සංවර්ධන සංවිධානයක් වන ඇමෙරිකෙයාර්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 3ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ. මෙහි රුපියල් වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියනකට ආසන්න වෙයි.
ජුනි 8දා මෙම ඖෂධ තොගය ශී ලංකාවට ගෙනවිත් ඇති අතර ඇමෙරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මැදිහත්වීම මත මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.
