වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදු වලින් රටේ කමිිකරුවාට වන බලපෑ් වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයින් ඇතුළුව රටේ ආර්ථිකය ආරක්ෂා කිරීටමටම සහාය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවැසීය.
බියගම ප්‍රදේශයේදී අද (01දා) පැවති මාධ්‍ය හමුවක් අමතමින් රුවන් ව්ජේවර්ධන මහතා එසේ පැවසීය. එක්සත් ලක් වනිතා සංවිධානය, ස්ත්‍රී ශ්‍රමික අයිතිවාසිකම් පෙරමුණ හා ලක්බිමෙිි මවිිවරු සංවිධාන සාමාජිකාවන් විසින් ඇමරිකා එක්සත් ජනපදයෙන් රටට පනවා ඇති 44% ක තීරු බදු වලට විරෝධය දක්වමින් රටේ කාන්තාවන් විසින් අත්සන් ලක්ෂයක් ලබාගැනීමේ පෙත්සමකටද මෙහිදී අත්සන් තැබිණි .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එ.ජා. ප. නියෝජ්‍ය නායක රුවන් ව්ජේවර්ධන මහතා, "මෙවර කමිිකරු දිනය වෙනුවෙන් පක්ෂය කමිිකරුවා වෙනුවෙන් ඉතා ධනාත්මක වැඩසටහනකට දායකත්වය ලබා දෙනවා .
අපි දන්නවා ඇමරිකාව විසින් අපේ රටට 44 % ඉහලම තීරු බද්දක් පනවා තිබෙනවා. ඒ අපේ රටෙන් ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සදහායි.
ඔවුන් අපට මාස තුනක යමිි සහනයක් මෙිි සදහා ලබාදී තිබුණත් මාස තුනෙන් පස්සේ මොනවගේ බලපෑමක් රටට අත්වෙයිද කියා හිතාගන්නවත් බැහැ .
විශේෂයෙන්ම ඇගළුමිි කර්මාන්තය ,තේ ,කුරුදු , රබර් , මැණික් ,කර්මාන්ත වලට විශාල බලපෑමක් මෙිි නිසා ඇතිවෙනවා. ලක්ෂ ගණනකට රැකියා අහිමි වෙනවා.
ඇගළුමිි ක්ෂේත්රයේ පමණක් වක්‍ර රැකියා ද සමඟ ලක්ෂ දහයක පමණ සේවකයින්ට රැකියා අහිමිවෙනවා .මේ නිසා රට විශාල ආර්ථික අගාධයකට තල්ලු වෙනවා . අපේ රටට අවශ්‍ය ආදායම නොලැබී යනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා දුන්න නායකත්වය නිසා ජාත්‍යන්තර මූල්‍ය අර මුදල සහ ලෝක බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත්තා . නමුත් මේ තත්ත්වය උඩ 2028 වන විට අපට ණය ගෙවා ගැනීමට නොහැකි වෙනවා. සේවක සේවිකාවන් ලක්ෂ දහයකට පමණ රැකියාඅහිමි වෙනවා .
ඒ නිසා තමා අපි මෙවර වඩා ධනාත්මක වැඩසටහනකට යන්න තීරණය කළේ ලංකාව පුරාම අත්සන් ලක්ෂයක් ලබා ගැනීමෙිි වැඩසටහන ක්‍රියාත්මක කරනවා පසුව එම අත්සන් ලක්ෂය අපි ට්‍රම්ප් පරිපාලනයට ලබාදීමට කටයුතු කරනවා .
රජය විසින් කරන සාකච්ඡා වලට වඩා මෙවැනි වැඩසටහනකින් ඊට වඩා හොඳ ධනාත්මක ප්‍රතිඵලයක් අපිට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමා එක්සත් ජාතික පක්ෂය පක් පක්ෂයක් විදිහට සිීයට සීයක් ඊට දායකත්වය ලබාදෙමින් මේ මැයි දිනයේදී බොරුවට පෙළපාලි නොයා වේදිකාවල කෑමොර නොදී විශාල බලපෑමක් ඇති විය හැකි රටේ ශ්‍රමිකයන් හා ආර්ථිකය ආරක්ෂා කරගැනීමට අපේ සහාය ලබා දෙනවා.
දෙල්ගොඩ - සුදත් පුබුදු කීර්ති
බියගම - පත්මසිරි රණතුංග
මල්වාන - ඩබිිලිවිි ඩී එමිි විතානගේ
