ඇමෙරිකාව ඉරාන තෙල් නැව්වලට පහර දෙයි, බොරතෙල් මිලත් ඉහළට
පසුගිය දින දෙක තුළ ටෙහෙරානය විසින් ඇමරිකානු යුද නෞකාවක් දෙවරක් ඉලක්ක කර ගැනීමෙන් අනතුරුව,
ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු හමුදා විසින් ඉරාන තෙල් නෞකා පහකට ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද මධ්‍යම
අණදෙන මධ්‍යස්ථානය නිවේදනය කළේය.
ඕමාන් බොක්කේ පිහිටි, ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකායට සම්බන්ධ තෙල් නෞකා හතරක් මෙන්ම, ඉරාන බොක්ක
ආශ්රිත වෙරළ තීරයේ පිහිටි ප්‍රධාන තෙල් පර්යන්තයක් වන 'කාර්ග්' දූපත අසල තිබූ තවත් ටැංකි නෞකාවක් මෙලෙස ඉලක්ක
කරගත් බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.
මීට ප්‍රතිචාර වශයෙන් ටෙහෙරානය විසින් ජෝර්දානයේ පිහිටි ඇමරිකානු කඳවුරක් වෙත මිසයිල ප්‍රහාර එල්ල කරන ලදී; කෙසේ
වෙතත්, ඉරානය එල්ල කළ මිසයිල 20න් 18ක්ම තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් අහසේදීම විනාශ කළ බව ජෝර්දානය ප්‍රකාශ
කළේය.
ඉරානය විසින් ජෝර්දානය දෙසට එල්ල කළ මිසයිලවලින් දෙකක් ජනාවාස නොමැති ප්‍රදේශවලට පතිත වූ බව ජෝර්දාන සන්නද්ධ
හමුදාවල නිල ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම ප්‍රහාරත් සමගින් ආසියානු වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගියේය. ඒ අනුව 'බ්‍රෙන්ට්' (Brent) බොර තෙල් බැරලයක
මිල 1.5%කින් ඉහළ ගොස් ඩොලර් 99.41 (පවුම් 73.39)ක් ලෙස සටහන් වූ අතර, ඇමරිකානු වෙළඳපොලේ තෙල් මිල 1.6%කින්
ඉහළ ගොස් ඩොලර් 94.55ක් විය.
තවදුරටත් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇති ඉරානය, කුවේට් සහ බහරේන් වරායන් අසල නැංගුරම් ලා ඇති
හෝ වරායේ නවතා ඇති ඇමරිකාවට සම්බන්ධ නෞකාවල කාර්ය මණ්ඩලවලින් ඉල්ලා සිටියේ, "එම නෞකා ඉලක්ක කර
ප්‍රහාර එල්ල කිරීමට නියමිත බැවින් වහාම ඒවායින් ඉවත් වන ලෙස" ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

