ඇමෙරිකාවේ සිට තෙදිනකින් ලංකාවට ආපු බෙහෙත් කටුනායක සිට කොළඹට ගේන්න දින 12ක් ගිහින්
ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ ඖෂධ තොගයක් දින තුනකින් ලංකාවට ගෙන ආවත් එම ඖෂධ තොගය කටුනායක සිට කොළඹට ගෙන ඒම සඳහා දින 12ක් ගතවී තිබෙන අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී තිබේ.
ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා ජාතික සහාය මහාචාර්යවරයෙක් මෙන්ම වෛද්‍යවරයෙක් වන ජිත්ම අබේකොන් මහතා මේ බව සිය ට්විටර් ගිණුමෙන් හෙළි කර තිබේ.
දින 12ක් ගතව තිබුණත් තවමත් එම කාර්ය අවසන් කර නොමැති බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් චෝදනා කරයි. ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ඖෂධ හිඟයකින් පෙළෙන අතර එවා විසඳීම වෙනුවෙන් ලැබුණ පරිත්‍යාග බව කාර්යක්ෂමතාවයකින් යුතුව නිදහස් කර ගැනීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් එය අවාසනාවන්ත තත්ත්වයකි.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ජනපතිවරයා වෙත සටහනක් තබමින් ඔහු පවසන්නේ අවම වශයෙන් මේ ආකාරයට ලබැන වෛද්‍ය ආධාර කොළඹට ගෙනැවිත් නියමිත වේලාවට බෙදා හැරීමට කාර්යක්ෂම ක්‍රමවේදයක් නිර්මාණය කරන ලෙසයි.
ගතවන සෑම තත්ත්පරයක්ම වැදගත් බවත් ජීවිත අනතුරේ බවත් ඔහු පවසයි.
"බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනකොට කටුනායක ඉඳන් කොළඹට අවශ්‍ය බෙහෙත් ගේන්න දවස් 12ක් යන්නේ ඇයි කියලා හොයලා බලන්න. හේතු වාර්තා කර දැනුවත් කිරීම වැඩි කරන්න. මට කිසිවෙකුට දඬුවම් කිරීමට අවශ්‍ය නැත, නමුත් මහජනතාවගේ අභිවෘද්ධිය සඳහා ක්‍රමය වෙනස් කිරීමට මට අවශ්‍යය." යැයි ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පසයි.

popular news
-
luckshmie Tuesday, 31 May 2022 05:14 AM
The administration is so good that's the way the government officials to the work.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

