ඇමෙරිකාවේ සිට ආපු රන්ජන් සමාජ සේවයට
ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතා සිය ඇමෙරිකානු සංචාරය නිමා කර අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. ඒ මහතා ඇමෙරිකාවේ සිට ඕමානය වෙත පැමිණ තිබූ අතර අද අලුයම 04.50 ට ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙසේ පැවසීය. " මම ඇමෙරිකාවේ ප්‍රසංග ගණනාවක් පවත්වමින් එරටේ සංචාරයක නිරත වුණා. මම ඒවායෙන් උපයා ගත් මුදල් වලින් අපේ රටේ දුප්පත් දරුවන් සදහා බෙදාදීමට ලැප්ටොප් පරිගණක තොගයක් මිලට ගත්තා.
මීට අමතරව එරට කෝටිපතියන් පිරිසක් ද මට තවත් ලැප්ටොප් පරිගණක තොගයක් පරිත්‍යාග කිරීමට එකග වුණා . මීට අමතරව ඔවුන් මෙරට දුප්පත් දරුවන් සදහා ඇදුම් විශාල තොගයක් ද මට පරිත්‍යාග කළා.
ඒවා සියල්ල කන්ටේනර් කීපයක බහා මේ වනවිට ශ්‍රී ලංකාව බලා රැගෙන එමින් තිබෙනවා. මම දැන් බැදීම් වලින් තොර නිදහස් මිනිසෙක්. මෙම පරිත්‍යාගයන් දුප්පත් දරුවන් අතර බෙදා දෙමින් ඉදිරියේදී සමාජ සේවා කටයුතු වල නිරත වීමට බලාපොරොත්තු වනවා"

popular news
-
චින්තක Friday, 20 January 2023 07:36 AM
ඔබතුමා කරන සමාජ සේවාවන් නොඉවසූ පිරිසක් කන්දක් මුදුනේ සිට මහ ගලක් පෙරලා රටට තවත් සේවයක් කරන්න තිබුන අවස්ථාව අඩාල කලා.කොහොම නමුත් ඔබතුමා ගැන ස්වභාව ධර්මයා බලාගනීවි සාධාරණයක් කරාවි
Reply : 1 6
විදාන පතිරනගේ රෝසිනි Saturday, 21 January 2023 10:56 AM
ඕබතුමා කරන මෙ වුපකාරය අසරන කාටත් කියනොහකි වුපකාරයකි ඕයාට ගොඩක් පින් අදරටේ තත්වය අනුව දුප්පත් මිනිස්සු ගොඩක් අසරනයි ඉස්කෝලේ යන දරැවො ඉන්න අයට ලොකු වුපකාරයක් මෙ ලැට්ටොප් බේදාදිම දැන් ඕව අරන්දෙන්න දෙමවුපියන්ට බැ කැමට වත් පුමාන මුදලක් දවසකට ඕවුන්ට හම්බ කරන්න බැ ඕයාට ගොඩාක් පින් ජයවේවා ජේසු පිහිටයි
Reply : 1 0
Wataraka lokugea heamanta kusum@ Sunday, 22 January 2023 09:22 AM
Obatumagea sewàya athi wisìstai abimanayai obatumasamagea apatath raþàgañà adambarayak tiyannea obatumawa rajakarana aka apeawagakimai stuthi
Reply : 0 0
Wlh kusum lokugea Sunday, 22 January 2023 09:38 AM
Obea kriya karakam athi wisìtai àpata adambarai obatumata jayenjaymawewa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

