ඇමෙරිකාවේ දෙවැනි කොවිඩ් රැල්ල තවත් බරපතල වෙයිලු
ඇමෙරිකාව තුළ කොවිඩ් 19 දෙවැනි රැල්ලක් ඇතිවිය හැකි බවත් එය වත්මන් තත්ත්වයට වඩා බරපතල එකක් වනු ඇති බවත් ඇමෙරිකාවේ ජ්‍යෙෂ්ඨ රෝග විශේෂයෙක් අනතුරු අඟවා තිබේ.
ඊළඟ ශීත සෘතුවේදී මෙම රැල්ල ඇතිවිය හැකි බව රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) හි ප්‍රධානී රොබට් රෙඩ්ෆීල්ඩ් වොෂිංටන් පෝස්ට් පුවත්පතට පවසා තිබේ..
එකවර ශ්වසන රෝග දෙකක් ඇතිවීම සෞඛ්‍ය සේවා පද්ධතියට සිතාගත නොහැකි තරම් පීඩනයක් ගෙන දෙන බව ඔහු පැවසීය.
එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක් ඔවුන්ගේ ආර්ථිකයන් නැවත විවෘත කිරීමට සූදානම් වන අවස්ථාවේදී රොබට් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
ඉදිරි මාස කිහිපය තුළ වඩාත් සැලකිලිමත් විය යුතු බවත් සමාජ දුරස්ථභාවය දිගටම පැවතිය යුතු බවත් පැවැසීය.

popular news
-
Devinda Uduwara Wednesday, 22 April 2020 05:41 PM
We are sorry. God bless America.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

