ඇමෙරිකාවේ කොරෝනා මරණ 10000 සීමාවට - ඉදිරි සතිය දුෂ්කරම සතියක් - ට්‍රම්ප්
- 6 04 2020
- 17:34
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නිව් යෝර්ක්, අප්‍රියෙල් 6 (ෂින්හුවා) - ඉදිරි සතිය තුළ ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත මරණ වැඩි වශයෙන් වාර්තා විය හැකිබවත් ඒ අනුව එම සතිය ඇමෙරිකානුවට දුෂ්කරම සතියක් විය හැකි බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
" මරණ සම්බන්ධයෙන් එක්සත් ජනපදය බිහිසුණු ස්ථානයකට ළඟාවනු ඇත" යැයි ට්‍රම්ප් පැවැසීය.
කෙසේ වෙතත් "එය යහපත් දේ සඳහා වෙනස් වීමට පටන් ගන්නා ස්ථානයක් වනු ඇති" බවත් ඔහු සඳහන් කළේය.
COVID-19 සඳහා ජනතාවගෙන් මිලියන 1.6 ක පරීක්ෂාවට ලක් කර ඇති බවත් එහි ප්‍රතිඵල ලැබී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පද්ධති විද්‍යා හා ඉංජිනේරු මධ්‍යස්ථානයට අනුව, එක්සත් ජනපදයේ තහවුරු වූ COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉරිදා මධ්‍යම රාත්‍රිය වන විට 337,620 ක් විය. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 9643කි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
