ආර්ථික අර්බුදයෙන් අත්මිදීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගන්නා වූ ක්‍රියාමාර්ග වෙනුවෙන් එක්සත් ජනපදයෙන් ලබාදිය හැකි වඩාත්ම ඵලදායි ක්‍රම ගවේශෂණය කිරීම වෙනුවෙන් එරට ඉහළ මට්ටමේ දූත පිරිසක් හෙට (26දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්රොත්, දකුනු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කිඩර්ලීන් ඇතුළු පිරිසක් මෙසේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඔවුන් ජුනි 29 දා තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටිමට නියමිත අතර ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුළදී පුළුල් පරාසයක දේශපාලන නියෝජිතයන්, ආර්ථික විද්‍යාඥයින් හා ජාත්‍යන්තර සංවිධාන හමුවීමට නියමිතව තිබේ.