ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය දූෂණ-විරෝධී සම්බන්ධීකාරක රිචර්ඩ් නෙෆියු මහතා දිවයිනට පැමිණෙන බවත් ඔහු අගෝස්තු මස 8-9 දින ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
ඔහු සමග එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දූෂණ-විරෝධී විශ්ලේෂක ඩිලන් එයිකන්ස් මහතා ද ශ්‍රී ලංකාවට පැමිණීයට නියමිතය.
නෙෆියු මහතා ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ මහතා ආණ්ඩු පාර්ශවයේ, විරුද්ධ පාර්ශවයේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ විවිධ අය හමුවීමට අදහස් කරයි.
දූෂණය මර්දනය කිරීම සඳහා දරන වෑයම් පිළිබඳව මෙන්ම රටේ දේශපාලන හා ආර්ථික තත්වයන් පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීමත් අනාගත සහයෝගීතා සඳහා ඇති හැකියාව පිළිබඳ ගවේෂණය කිරීමත් මෙම සංචාරයේ අරමුණ වේ.