ඇමෙරිකාවෙන් බෝයිං ජෙට් යානා 200ක් මිලදී ගැනීමට චීන ජනපති ෂී ජින්පින් එකඟ වූ බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසසයි.
" 200ක්, එතන විශාල රැකියා ප්‍රමාණයක් තිබෙනවා. බෝයිං සමාගමට ඕන වුණේ 150යි. ඔවුන්ට 200ක් ලැබුණා." යැයි ට්‍රම්ප් පැවැසිය.
මේ අතර ඇමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමටද චීන ජනපතිවරයා එකග වු බව ට්‍රම්ප් පැවැසිය. "අපි ටෙක්සාස් සහ ලුසියානා සහ ඇලස්කාවට චීන නැව් යැවීම ආරම්භ කරන්නෙමු," ඔහු පවසයි.
"ඔවුන්ට සැබවින්ම අවශ්‍ය එකම දෙය එයයි - බලශක්තිය," ජනාධිපතිවරයා පවසයි. "අපට අසීමිත බලශක්තියක්
ඇත." යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පැවැසීය.