ඇමෙරිකාවට වඩා ලංකාව ඉදිරියෙන්
"1948 දී අපේ රටේ කෙනෙකුගේ ආයු කාලය තිබුණෙ අවුරුදු 42 යි.කවුරුහරි අවුරුදු 60 පැනල ජීවත්වෙලා තිබෙන්නේ ඉතාම කලාතුරකින්. නමුත් අවුරුදු 75 කට පස්සෙ අද අපේ රටේ අය අවුරුදු 79 ක් ජීවත් වෙනවා.ඉතාම දියුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙනෙකුගේ ජීවත්වීමේ ආයු කාලය අවුරුදු 78 යි.ලෝකයේ දියුණුම රටටත් වඩා චුට්ටක් හරි ඉදිරියෙන් අපි ඉන්නවා."
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ අදහස් පළකලේ ඇල්පිටිය හිපන්කන්ද කනිටු විද්‍යාලයේ පැවති "සුව උදාන" වෛද්‍ය සායනයට පැමිණ සිටි ජනතාව අමතමිනි.
අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙරට ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් දිවයින පුරා පවත්වනු ලබන "සුව උදාන " ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන යටතේ මෙම වසරේ දහසයවන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) ඇල්පිටිය හිපන්කන්ද කනිටු විදුහලේදී පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේද කීය.
"1948 දී අපේ රටේ කෙනෙකුගේ ආයු කාලය තිබුණෙ අවුරුදු 42 යි.කවුරුහරි අවුරුදු 60 පැනල ජීවත්වෙලා තිබෙන්නේ කලාතුරකින්. අවුරුදු 75 කට පස්සෙ අද අවුරුදු 79 ක් ජීවත් වෙනවා.ඉතාම දියුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙනෙකුගේ ජීවත්වීමේ ආයු කාලය අවුරුදු 78 යි.ලෝකයේ දියුණුම රටටත් වඩා චුට්ටක් හරි ඉදිරියෙන් අපි ඉන්නවා.
ආර්ථික අතින් අපි පොහොසත් නොවුනාට සෞඛ්‍ය අතින් අපි දියුණුවක් ලබා තිබෙනවා.
අපේ රටට වඩා ආයුකාලය වැඩි රටවල් කිහිපයක් තිබෙනවා.ජපානයෙ ආයු කාලය අවුරුදු 83 ක් වෙනවා.
ඉතිහාසය පුරාම අපේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම හොඳ වුනත් වයසක දෙමව්පියන් රැකබලා ගැනීම පසුගාමීවී තිබෙනවා.ඒ තත්වයත් අපි නැතිකිරීමට පියවර ගත යුතුව තිබෙනවා.
වකුගඩු ආබාධ,අධික රුධිර පීඩනය,වැනි බෝනොවන රෝග ව්‍යාප්තිය රට තුල වැඩිවෙමින් තිබෙන බව දක්නට තිබෙනවා.මෙවැනි සෞඛ්‍ය සායන රට පුරා පැවැත්විමෙන් අප බලාපොරොත්තු වන්නේ නිරෝගි සෞඛ්‍ය සම්පන්න ජාතියක් මේ රටට දායාද කිරීමයි."
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
