මැදපෙරදිග කලාපයේ ඇති විශාලතම ඇමෙරිකානු යුද මූලස්ථානය වන කටාර් හි Al Udeid ගුවන් හමුදා කඳවුරට ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි එම මාධ්‍ය වාර්තා තවදුරටත් සඳහන් කරයි.
කෙසේවෙතත් ඉරානයේ සිට තම රට දෙසට එල්ල කරන ලද තවත් බැලස්ටික් මිසයිලයක් සාර්ථකව විනාශ කිරීමට සිය ආරක්ෂක අංශ සමත් වූ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී සිටියි. (IJ)