දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල මිලදි ගැනීම සඳහා ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය ණය ආධර යටතේ දුම්රිය එන්ජින් මිලදිගැනීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් හෙවත් රුපියල් මිලියන 1,905.23ක පාඩුවක් දුම්රිය දේපාර්තමේන්තුවට වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් කරනු ලැබු විගණනයකදි අනාවරණය වී ඇත.
දුමිරිය එන්ජින් මිලදිගැනිම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡා සම්මුති කමිටුවක් පත්කොට තිබුණි. එම කමිටුව විසින් ඇමරිකානු මුල්‍ය පැකේජය යටතේ වු අශ්වබල 3000ක එන්ජිමෙහි ඇස්තමේන්තුගත මිල හා ඉන්දීයානු ණය ආධාර යටතේ එම්/එස් රයිටස් සමාගම විසින් ඉදිරිපත් කළ මිල සඳහා ශුද්ධ වර්තමාන අගයන් සැසදිම විදේශ සම්පත් දේපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදුකර තිබුණි.
ඒ අනුව ශුද්ධ වර්තමාන අගයන් හොදඳින් අධ්‍යයනය කිරිමෙන් අනතුරුව ඇමරිකානු එන්ජින් ඉන්දිය එන්ජින් වලට වඩා ආර්ථික වශයෙන් වඩාලාභදායි බව විදේශ සම්පත් දේපාර්තමේන්තුව මගින් තිරණය කර තිබුණි. නමුත් ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය ණය ආධර යටතේ දුම්රිය එන්ජින් මිලදිගැනීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් හෙවත් රුපියල් මිලියන 1,905.23ක පාඩුවක් දුම්රිය දේපාර්තමේන්තුවට වි ඇති බව 2019 වර්ෂයට අදාලව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සදහන් වේ.
ඩොලර් ණය ගිවිසුම යටතේ 2017 වර්ෂයේ ජුනි 06 වැනිදින ඉන්දීයානු Exim බැංකුව විසින් දුම්රිය මාර්ග පුනරුත්ථාපන කටයුතු සදහා ඩොලර් මිලියන 136ක ණය ප්‍රදානයක් සලසා තිබුණි. එහෙත් එම කාර්ය සඳහා පුමුඛත්වයක් ලබා නොදි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. 2018 වර්ෂයේ දත්ත අනුව සේවයේ යෙදිය හැකි දුම්රිය එන්ජින් 111ක් ද ඇතුළු දුම්රිය එන්ජින් 150ක බලඇණියක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පැවතුණි. දුම්රිය ධාවනයට අවශ්‍ය අනිකුත් අවශ්‍යතාවල වර්ධනයක් සිදුනොකර පවතින කාලසටහන් අවශ්‍යතාවයන්ද සැලකිල්ලට ගත්විට නව දුම්රිය එන්ජින් මිලදි ගැනිම තුලින් එන්ජින් ඇනිය පමණක් වැඩිකිරිමෙන් ධාවන කාර්යසාධනය වැඩිකිරිම දුෂ්කර වි තිබුණි.
දුම්රිය දේපාර්තමේන්තුවට රෝලින් තොග මිලදිගැනිම සදහා ඩොලර් ණය රේඛා ගිවිසුම යටතේ ඩොලර් මිලියන 177ක ප්රතිපාදනයෙන් එස් 13 බලවේග කට්ටල 06ක් මිලදිගෙන තිබුණි. දුම්රිය දේපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබු ඉංජිනේරු ඇස්තමේන්තුව ඉක්මවා රුපියල් මිලියන 236.10 ක් වැඩියෙන් වැයකර එම බලවේග කට්ටල මිලදිගෙන තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.