ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් ඇමෙරිකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් සිවුදෙනෙක් අද (26දා) අලුයම දිවයිනට පැමිණියහ.
මෙම දූත පිරිස අතර ඇමෙරිකානු රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු කළාපය භාර නියෝජ්‍ය ලේකම් රොබට් කැප්‍රෝත් (Robert Kaprot) සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම සහ දකුණු ආසියාව භාර රාජ්‍ය ලේකම් කෙලී කේඩරින් ( Kelly Kedering ) යන මහත්වරු ද ඇතුළත් වී සිටියහ .
මීට පෙර ඉන්දීය රජයේ ඉහළම දූත පිරිසක්ද ශ්‍රී ලංකාවට පැමිණි අතර මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ සාමාජිකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ රැදී සිටියි.