අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් ඊයේ (04දා) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මෙරට ඇමෙරිකානු තානාපති ධුරයට පත්වීමෙන් පසු ජුලී ජේ. චන්ග් මහත්මිය අග්‍රාමාත්‍යවරයා හමුවීමට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකාව සමඟ පවතින දේශපාලන සමාජයීය හා ආර්ථික සබඳතා තවදුරටත් තහවුරු කරමින් එම සබඳතා දියුණු කිරීමට තමන් උත්සාහ දරණ බව අමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් මහත්මිය මෙහි දී අවධාරණය කළාය.
කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට උපකාර කරන බව පැවසූ ජුලී ජේ. චන්ග් මහත්මිය මෙරට බලශක්ති හා සංචාරක ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම සඳහා සහය වන බවට විශ්වාසය පළ කළාය.
ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ඒ අයුරින්ම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව පැවසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව ධුරයේ කටයුතු සාර්ථක කර ගැනීමට ජුලී ජේ. චන්ග් මහත්මියට මෙහි දී සුබ පැතුම් එක් කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහත්වරු ද එක්ව සිටියහ.


