ඇමෙරිකානු තානාපතිනිය හදිසියේම ජනපති රනිල් හමුවෙයි
තමන් ජනපති රනිල් වික්රමසිංහ මහතා හමුවූ බවත් ජනපති ලේකම් කාර්යාලය ආසන්නයේ සිටි විරෝධතාකරුවන්ට එරෙහිව ප්රචණ්ඩත්වය මුදා හැරීම පිළිබඳව තම දැඩි කනස්සල්ල ජනපතිවරයාට ප්රකාශ කළ බවත් ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපිති ජුලි චුංග් මහත්මිය පැවැසුවාය.
යහපත් අනාගතයක් සඳහා ශ්රී ලාංකිකයන්ගේ ඉල්ලීම්වලට ප්රතිචාර දැක්වීමට ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් සහ වගකීමක් ඇති බවත් මෙය පුරවැසියන් මර්දනය කිරීමට කාලය නොවන බවත් ඇය පැවැසීය.
මේ අවස්ථාවේදි සිදුකළ යුත්තේ ජනතාවගේ විශ්වාසය යළි ඇති කර ගැනීමටත්, ස්ථාවරත්වය ඇති කිරීමටත්, ආර්ථිකය යළි ගොඩනැඟීමටත් රජයට ගත හැකි ක්ෂණික හා ප්රත්යක්ෂ පියවර ගැනීම බවද ඇය සිය ට්විටර් ගිණුමෙන් පැවැසිය.
popular news
-
Deepal Nirosh Saturday, 23 July 2022 03:46 AM
ඇත්තටම මේ හමුවුණේ කනස්සල්ල ප්රකාශ කරන්න ද? නැත්නම් කණස්සලු වූ බව ප්රකාශ කළාට සමාව අයදින්න ද?
Reply : 0 0
myna Saturday, 23 July 2022 06:03 AM
aragalya crowd is against CAPITILISM polycy.be aware.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

