සේද මාර්ග මගී නිෂ්කාශන පර්යන්තය හරහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටවීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමත් සමඟ ඔහු මිලදී ගත් ගුවන් ටිකට්පත් පිළිබඳව තොරතුරු රාශියක් හෙළිදරව්වී තිබේ.
එමිරේට්ස් ගුවන් සේවයේ තොරතුරුවලට අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් වොෂින්ටනයට යාමට ඔහුෙ පළමු පන්තියේ රන් සාමජිකත්ව ගුවන් ප්‍ර වේශපත්රයක් මිලදී ගෙන තිබේ.
මෙම ගුවන් ටිකට්පත 2022 ජූලි 11 වැනිදා මිලදී ගනෙ තිබේ. ටිකට් පතේ විස්තර අනුව, ඔහුගේ පළමු ගමනාන්තය වූයේ කොළඹ සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළය.
ඉන් අනතුරුව ඔහු ඩුබායි සිට වොෂින්ටනයේ ඩලස් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟාවිමට නියමිතව තිබුණි. එසේම 2023 මාර්තු 2 වන දින වොෂින්ටනයේ සිට කොළඹට පැමිණීමට එම ගුවන් සේවයේම තවත් ටිකට් පතක් හිටපු අමාත්‍යවරයා විසින් වෙන්කරගෙන තිබුණි.
මෙම ගුවන් ගමන් ද්විත්වය සඳහා රුපියල් මිලියන 5.3 ක මුදලක් (රුපියල් 5,302,700) මුදල් වශයෙන් ගෙවන ගෙවීමට හිටපු අමාත්‍යවරයා කටයුතු කර තිබේ.