ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ලෝක සංචාරක දිනයට සමගාමීව මහනුවර ඓතිහාසික ස්ථාන දැකබලා ගැනීමේ සංචාරයක නිරත විය.
මේ දිනවල මෙරට සංචාරයක නිරත වෙමින් සිටින රෝමයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම පිළිබඳ ආයතයන්හි නියෝජිත සින්ඩි මැකේන් මහත්මියද මෙම අවස්ථාවට එක්වුවාය.
දළදා මාලිගාවට පැමිණි එම දෙපළ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගන්නා ලදී .
දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව එක්සත් ජනපදයේ මූල්‍ය ආධාර ඇතිව සංවර්ධනය කරන මහනුවර පැරණි රජ වාසල නැරඹීමට ද එක් විය .
ෂේන් සෙනෙවිරත්න

