අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් අද (02දා) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
වර්තමානය වන විට රට තුළ පවතින දේශපාලන වාතාවරණය හා යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා විසින් තානාපතිනිය දැනුවත් කළ අතර, ශ්‍රී ලංකාව ඇමරිකාව සමග දිගු කාලයක සිට දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන යන බවත්, මෙරට ආර්ථික සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති දුෂ්කර තත්වයෙන් ගොඩ ඒම සඳහා සහයෝගය අපේක්ෂා කරන බවත් සඳහන් කල අමාත්‍යවරයා ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බව ද මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවන් සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ද එක්විය.

