ඇමෙරිකානු උප ජනපති අද ප්රසිද්ධියේ එන්නත ගනී
ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස් අද (18දා) අද ෆයිසර් එන්නත ලබාගැනීමට නියමිත අතර, ඔහු එන්නත ලබාගන්නා අවස්ථාව සජීව රූපවාහිනී විකාශයක් හරහා ප්රචාරය කෙරෙනු ඇති බවද කියයි.
මේ පිළිබඳ ධවල මන්දිරය තහවුරු කළ අතර, උප ජනාධිපති මයික් පෙන්ස් සහ දෙවැනි ආර්යාව කැරන් පෙන්ස්, මෙම එන්නතෙහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ප්රවර්ධනය කිරීමටත්, ඇමෙරිකානු ජනතාව අතර එන්නත ලබාගැනීම කෙරෙහි විශ්වාසය ගොඩනැගීම සඳහා කොවිඩ්-19 එන්නත ප්රසිද්ධියේ ලබාගනු ඇති බව සඳහන් කළේය.
එහිදී උප ජනාධිපති පෙන්ස් සහ දෙවැනි ආර්යාව පෙන්ස් සමග ජෙනරාල් ජෙරොම් ඇඩම්ස්ද එක්වනු ඇති අතර, මෙම එන්නත් ලබාදීම ධවල මන්දිරයේදී සිදුකෙරන බව කියයි.
එමෙන්ම එක්සත් ජනපදයේ තේරීපත්ව සිටින ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම, තේරීපත්ව සිටින උප ජනාධිපතිනී කමලා හැරිස්ද ඉදිරියේදී ප්රසිද්ධියේ එන්නත ලබාගන්නා බව තහවුරු කර තිබේ. කෙසේ වෙතත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තවම එන්නත ලබාගැනීමක් සිදු නොවනු ඇති බවද කියයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
