ඇමති සුදර්ශනී ඇත්තම කියයි
කොවිඩ් නව ප්‍ර භේදය වේගයෙන් පැතිර යන බවත් මරණ වැඩිවෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.
වසංගතය පාලනය කිරීමටනම් ජනතාව සති දෙකක කාලයක්වත් ගෙදරට වී සිටිය යුතු බවත් ඇය සඳහන් කළාය.
“මේ වසංගතයේදී අපි දකිනවා සංකූලතා තිබෙන රෝගීන්ගේ වර්ධනයක්. රෝහල් පද්ධතියට ගියාම රෝහල්වල විශල තදබදයක් තියෙනවා. ඔකිසිජන් අවශ්‍යතාව දැඩිව දැනෙනවා. උපකරණ අවශ්‍යතාව දැඩිව දැනෙනනවා.
ඊයෙත් 3500කට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා. 3500ක් වාර්තා වෙනවා කියන්නේ ඒ වගේ තුන් ගුණයක් පමණ සමාජයේ ඉන්න පුළුවන්.
මේ අයගෙන් තවමත් රෝගය සමාජය තුළ පැතිරීමක් සිදුවෙනවා. අලුත් ප්‍ර භේදය සීඝ්රයෙන් පැතිරෙනවා. මරණ වැඩි වෙලා තිබෙනවා.
රටේ ජනතාව දැඩි සළකිල්ලෙන් කටයුතු කළ යුතුයි. අපි නිර්දේශ කරන්නේ සති දෙකකටවත් ජනතාව ගෙදරට වෙලා තියන්න.
එහෙම වුණොත් මේ රෝගය අපිට පාලනය කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් ලෙස මම නිර්දේශ කරනවා.
මේක වසංගතයක් ඒක වසන් කළොත් අපිත් වසන් වෙලා යයි”
popular news
-
A.D. ප්‍රේමරත්න Monday, 24 May 2021 03:40 PM
අවශය වේලාවට අවශ්‍ය පියවර නොගැණීම (සංචරනසීමා දැඩිව ක්‍රියාත්මක කිරීම ) නිසා රට තුල ඉතාමත් බරපතළ ලෙස covid 19 ශීඝ්‍රයෙන් ,පැතිරීම සහ ඉතාමත් භයානක නව ප්‍රභේධ පැතිරීම , මරණ සංක්‍යාව දරුනු අන්දමින් ඉහල යාම සිදුවන බව පැහැදිලිය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

