ඇමති විමල්ගේ මැදිහත්විමෙන් ICU සඳහා ඇඳන් නිෂ්පාදනය දේශිය වශයෙන් ඇරඹිමට පියවර
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනය ඉදිරිපත්ව සිටියි.
මෙම කටයුත්ත කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම හා උපදෙස් මත අරඹා ඇති අතර මූලික අධීක්ෂණ කටයුතු රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතා සිදු කරනු ලබයි.
කොරෝනා වෛරස ව්‍යාප්තියට සාර්ථකව මුහුණ දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය සතුව තිබෙන දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය වැඩි කර ගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්යක්ෂතුමා ඇතුළු ජීව වෛද්‍ය ඉංජිනේරු කාර්යමණ්ඩලයේ සහයෝගය ද ලැබී ඇති බවත් ඔවුන්ගේ අධීක්ෂණය සහිතව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරුවන් කෙටි කලක් තුළ ඉලක්කය සපුරාලීමට කටයුතු කරනු ඇති බවත් අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි මහතා සඳහන් කරයි.

popular news
-
Mama Saturday, 28 March 2020 04:54 PM
Mewa paththarawala Nama daganne nathiwa kalanam kochchara hondada.mewelawe thaman pumbaganna hadanna epa mahaththayo
Reply : 0 0
Hitan hutan Saturday, 28 March 2020 05:54 PM
Maththegoda scheem eke gawal haduwa wage, parliment road eke kehel kole bus stand eka wage
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

