සොජාන් ක්‍රමයට කොස්ගොඩ කරිජ්ජපිටිය පුරන් වෙල්යායේ පොල් පැල සිටුවීමේ වැඩසටහනකටඅද (28දා) ගිය වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ට හා රජයේ නිලධාරීන්ට ප්‍රදේශයේ ගොවියන්ගේ විරෝධය එල්ලවුහ .
මේ වෙල්යායට වතුර සපයන ඇනිකට් එක හදා නොදීම ඇතුළු කාරනා කිහිපයක් එයට හේතුවී තිබිණි .
මෙය අසාර්ථක ව්‍යාපෘතියක් බවත් ජනතාවට එදාවේල කන්න බොන්න නැති අවස්ථාවේ මෙවැනි ව්‍යාපෘති තමන්ගේ කේන්තියට හේතුව බවද ඔවුහු පැවසුහ .
මේ ව්‍යාපෘතිය නිසා සිය ගොවිතැන සදහා වතුර නැතිවී යන සෙයක් තමන්ට දක්නට ලැබෙන බවත් පොල් වගාව යයි කියමින් අන්නාසි හා මිරිස් ගස් සිටුවා ඇති බවත් කියමින් ඔවුහු මේ ව්‍යාපෘතිය දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දැක්වුහ .
එමෙන්ම මේ වෙල්යායේ ඊයේ (27දා) රාත්‍රියේ සිටුවුයේ කරල් ඇති මිරිස් ගස් බවත් සිටුවීමට ගෙනා අන්නාසි පැල විශාල සංඛ්‍යාවක් විසිකර දමා තිබෙන බව පැවසු ඔවුහු මෙවැනි සෝබන ව්‍යාපෘතිවලට රට අමාරුවට පත්ව තිබෙන මේ අවස්ථාවේදී තමන් කැමති නොවන බවත් ඊට ගොවියන් වශයෙන් තමන්ගේ විරෝධය පලකරන බවත් කිය.
මේ විරෝධය දැක්වූ පිරිස සමතයකට පත් කිරීමට බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන අර්නස්ට් සිල්වා සහ ප්‍රදීප් සිල්වා මහත්වරුන් උත්සාහයක නිරතවනු ද දක්නට ලැබිණ .
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වැවිලිකර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කිවේ මේ වෙල් යාය හරහා අබලන්වී ඇති ඇනිකට් එක සාදාදීමට පියවර ගන්නා බවය.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත සහ බලපිටිය එස්.ඒ.වයි .ද සිල්වා

