ආරුවක්කාලු කසළ අංගන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමා කළ ප්‍රකායක් මාධ්‍ය තුළ වැරදි ආකාරයකට පළකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ හිත් රිදීමක් සිදුවූයේ නම් තමන් සමාව ඉල්ලා සිටින බවත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කළ බව අමාත්‍ය පාඨලී චම්පිකර රණවක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් වෙයි.
රෝසි සේනානයක මහත්මිය කළ මෙම ප්‍රකාශය හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ අපද්‍රව්‍ය ආරුවක්කාලු කසළ අංගනය වෙත අද සිට භාර ගැනීම නැවැත්වීමටත් කටයුතු කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය ඊයේ සඳහන් කළේය.
