හිටපු කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ හා හිටපු බලශක්ති කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල මහත්වරුන් විසින් තමන්ගේ කැබිනට් අමාත්‍ය ධුර අහිමිවීමට පසුබිම් වූ සිද්ධි මාලාව පිළිබඳ විස්තර සහිතව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශ දෙකක් සිදුකිරීමට සූදානමින් සිටින බව 'අද'ට වාර්තා වේ.
හිටපු කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා හෙට (08දා) දිනයේදී පාර්ලිමේන්තුව අමතා ඔහු දැරූ කර්මාන්ත කැබිනට් අමාත්‍ය ධුරය අහිමිවීමට අදාළ විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත අතර, හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් එළඹෙන 10 වැනිදා (බ්‍රහස්පතින්දා) ඔහු දැරූ බලශක්ති කැබිනට් අමාත්‍ය ධුරය අහිමිවීමට අදාළ විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව ද වාර්තාවෙයි.
මේ පිළිබඳ හිටපු අමාත්‍යවරුන් දෙදෙනා අද (07දා) දිනයේ දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා දැනුම්වත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වෙයි.