ඉන්ධන ඇතුළු අනෙකුත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඇමතිවරු දෙදෙනෙකු ඇතුළත් දූත පිරිසක් හෙට දිනයේදී රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මීට අමතරව කටාර් සමග සාකච්ඡා කිරීමට දූත පිරිසක් කටාර් බලා පිටත්ව යාමට නියමිත බවත් කුවේට්වලින්ද සුබවාදී ප්‍රතිචාර ලැබී ඇතැයි අමාත්‍යවරයා පැවැසීය.