අමාත්‍යවරුන් පස් දෙනෙක් සිය අමාත්‍යධුරවලින් ඉවත් වුවත් එම ඉල්ලා අස්විම් ජනපතිවරයා විසින් තවමත් පිළිගෙන නොමැති හෙයින් ඔවුන් තවදුරටත් අමාත්‍යධුරවල කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි. ජනපතිවරයා සිටින තැනක් පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.
කෙසේ වෙතත් ඔහු එළැඹෙන 13දා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට අග්‍රාමාත්‍යවරයාට දැන්වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
මේ වන විට අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර හා ධම්මික පෙරේරා යන මහත්වරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිවරයා වෙත යොමුකර තිබේ.