ඇමතිධූර නෑ කියලා ගැටලුවක් නෑ - මනූෂ
ආණ්ඩුවේ ඇමැතිධූර අතහැර දමා පැමිණියේ වරප්‍රසාද අපේක්ෂාවෙන් නොවන බවත් ඇමැතිධූර නොලැබීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ගාල්ලේදී අද (23) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
“මට ලැබුණ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙලා එදා මම තීරණයක් ගත්තේ ප්රජාතන්ත්රවාදය දිනවීම සදහාම පමණයි. අපට නැවත වතාවක් ඔක්තෝම්බර් 26 වැනිදාට පෙර පැවති තත්වයට ගෙන ඒමට හැකියාව ලැබුණා. මම දැනටමත් දිනලා ඉවරයි.
ඇමැතිකම් දාලා ආපු මට තවත් තනතුරුවල අවශ්‍යතාවයක් නෑ. ඇමැතිකම් ගැනීමට නෙමෙයි අපිට අවශ්‍ය වුණේ. එහෙම ඇමැතිකම් අරගන්න උවමනාවක් තිබුණා නම් මම එදා ඇමැතිකමක් තියාගෙන ඉන්නවා. ඇමැතිකම් අතහැරලා විපක්ෂයට එන්නේ නෑ.”

popular news
-
saima Monday, 24 December 2018 09:12 AM
සිතකින් නොවී කිසිදා හැර යන්නේ මාඅ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
