
නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ලෙස රජයෙන් තම පක්ෂයට යෝජනා ඉදිරිපත් කොට ඇති බවත් නමුත් ඒ පිළිබඳව මෙතෙක් තම පක්ෂය විසින් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාන්ඩී රාමේෂ්වරන් මහතා පවසයි.
තම පක්ෂයට රජයෙන් අමාත්‍ය තනතුරු භාර ගන්නා ලෙස යෝජනා සිදු කොට තිබෙන බවත්, එහෙත් අප මුලින්ම රට ගැන සිතිය යුතු බවත් ඉන් අනතුරුව අනෙකුත් දේවල් පිළිබඳව සිතා බැලිය හැකි යැයි ඔහු සඳහන් කරයි.
මොනම දෙයක් සිදු කිරීමටවත් අපිට රටක් තිබිය යුතු හෙයින් පළමුව අප පක්ෂය රට ගැන සිතන බවත් ඒ මහතා පැවැසීය.
ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට එරෙහිව විපක්ෂය රැගෙන එන විශ්වාස භංග යෝජනාවට ලංකා කම්කරු කොංග්‍රසය පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ නොකරන බවත්, එහි ඡන්ද විමසීමක් පැවතියහොත් තම පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාන්ඩී රාමේෂ්වරන් මහතා වැඩිදුරටත් පැවසීය.
- ශාන් හුලංනුගේ