එයාර් බස් ගනුදෙනුවේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
කෙසේ වෙතත් එයා බස් ගනුදෙනුවට අදාළව තවත් නඩුවකට නාමල් රාජපක්ෂ මහතා ඔක්. 13වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය ඊයේ (29) නියෝග කර තිබුණ හෙයින් හා ක්‍රිෂ් ගණුදෙනුවට අදාළවද නාමල් රාජපක්ෂ මහතා ඔක්තොබර් 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන හෙයින් ඔහු යළිත් රිමාන්ඩ් බන්ධනාගාර ගත විය.