ඇද විට්ටමක් පෙරළී එයට යටවිමෙන් තුන් හැවිරිදි දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.
මියගොස් ඇත්තේ ගයුමි ඒනිඥා පතිරණ (03) නැමති උඩවලව,දකුණු ඇළ ප්‍ර දේශයේ පදිංචි දැරියකි. මියගිය දැරියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේඛ හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් ඊයේ (05) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පත්වනු ලැබිය.
මෙකි දැරිය පදිංචි නිවස අසල ඥාතිවරයකුගේ නිවසේ දානමය පිංකමක් තිබි ඇත. මෙම දැරිය එම නිවසේ දරුවන් සමග සෙල්ලම් කරමින් සිට ඇත. එම අවස්ථාවේ බිත්තියට හෙත්තුකොට තිබු තේක්ක වලින් සකස්කොට තිබු ඇද විට්ටමක් පෙරලිගොස් දැරියගේ ඇග මතට වැටි ඇත. දැරිය ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකොට එවා තිබුනි. කරාපිටිය රෝහලේ දි දැරිය ශල්‍යකර්මයකට ද ලක්කොට තිබු අතර මෙකි සිද්ධිය වි දින 11ට පමණ පසු දැරිය කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටයදි මියගියාය.
දැරියගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සි.ටි මහානාම මහතා විසින් සිදුකරණු ලැබිය. ඉදිරිපත්වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා හිසට වු තුවාල නිසා මරණය වි ඇති බවට තින්දු කළේය.
ජිනේෂ් නානායක්කාර රවින්ද්රශ්රිලාල්
