ඇඳිරි නීතිය ඉවත් කරන කාල සමයේදී එම ප්‍රදේශවල සියලු වෙළඳ සැල් විවෘත කරන්න - හමුදාපතිගෙන් ඉල්ලීමක්
- 29 03 2020
- 20:19
- {{hitsCtrl.values.hits}} views
- ..
හෙට(30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳ සැල් විවෘත කර තබන මෙන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ඉල්ලීමක් කරයි.
එසේ සිදු කරමින් මහජනතාවට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දෙන ලෙසත් වෙළඳ සැල් හිමියන්ට හමුදාපතිවරයා විසින් දැනුම් දෙයි.
මහජනතාව වෙළඳ සැලට ඇතුළු වීමේ දී සමාජ දුරස්ථභාවය රඳවා ගනිමින් අනිවාර්යෙන්ම කටයුතු කරන මෙන් හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
