ඇඳිරි නීතිය පනවා තිබියදි දඹුල්ල ප්රදේශයේ එළවළු වෙළදාමේ යෙදුණු පිරිසක් අත්අඩංගුවට
දිවයින පුරා ඇදිරි නීතිය බල පැවැත්වෙන අවස්ථාවේදී දඹුල්ල බුලාගල ප්රදේශයේ එක් රැස්ව සිටි දහදෙනෙකු සැකපිට අද (21) දින පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.
දඹුල්ල අනුරාධපුර ප්රධාන මාර්ගයේ බුලාගල ප්රදේශයේ විශාල පිරිසක් එක්ව එළවළු බෙදා ගැනීමේ වැඩසටහනක් ක්රියාත්මක කරන බවට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පි .එදිරිසිංහ මහතාට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් කිහිපයක් යොදවා තිබිණි.
එක් රැස් වී සිටි පිරිසෙන් කොටසක් පොලීසිය පැමිණෙද්දී හිස් ලූ ලූ අත දිවගිය බව පොලීසිය පවසයි.
කණ්ඩායම් විසින් එක්රැස් ව සිටි පුද්ගලයන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කළේය.
මෙම පුද්ගලයන් ඇදිරිනීතිය වෙලාවේ ප්රධාන මාර්ගයට පැමිණි යතුරුපැදි ත්රිරෝද රථ කිහිපයක් ද පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි.
එමෙන්ම ඇදිරිනිතිය අවස්ථාවේදී මාර්ගයේ ගමන් කරන සහ ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා විශේෂ සෝදිසි මෙහෙයුම් රැසක් දබුල්ල පොලීසිය ආරම්භ කොට තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්රියාත්මක කරන බවත් ඇදිරිනීතිය යොදවා ඇති කාලවකවානුවේ නිවෙස් වලට සිටින්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

