ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් කොන්ත්‍රාත්තුව නොසළකයි
මේ වසරේ අගෝස්තු 01 දා සිට දෙසැම්බර් 31 දා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කළ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව ඇන්ජලෝ මැතිව්ස් විසින් නොසලකා හැරි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් සඳහා වර්තමානය වන විට නොසලකා හරින ලෙසද මීට ඉහතදී ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබුණි.
මීට අමතරව තරග තහනමකට ලක්ව ඇති ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වල්ල හා කුසල් මෙන්ඩිස්ටද තරග කොන්ත්‍රාත්තුව හිමිව නොමැත.
ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් බැවින් ඔහුද කොන්ත්‍රාත්තුවට නම්කර නොමැත.
ක්‍රීඩකයන් 18කට කොන්ත්‍රාත්තුව හිමිව තිබේ
ධනංජයද සිල්වා, කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, දසුන් ශානක, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිශ්ශංක, ළහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ළහිරු කුමාර, අශේන් බණ්ඩාර, අකිල ධනංජය යන ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්තුව හිමිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

