ඇදිරි නීතිය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්
ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නව චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
“පොලිස් මූලස්ථානය මගින් ඇඳිරි නීතියට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. යම් හෙයකින් ඇඳරි නීතිය දිගටම ක්‍රියාත්මක කිරිමට සිදුවුණොත් රාජ්‍ය සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන, මාධ්‍ය ඇතුළු පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් මෙම චක්‍ර ලේඛය නිකුත් කරනු ලැබුවා.
මෙවැනි ආයතන 84ක සේවකයන් සඳහා තම රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකියි. වැඩිපුරම ආසාදිතයන් ගැවසෙන ප්‍ර දේශයක නම් සේවකයන් ගෙන්වා නොගත යුතුයි.
සෑම දිනකම සේවකයන් ගෙන්වා ගැනීම වෙනුවට සතියකට දින කිහිපයක් සේවකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ධීවර නිෂ්පාදිත ප්‍රවාහනය කිරිම සඳහා අවශ්‍ය සියලු උපදෙස් පොලිස් ස්ථාන මගින් නිකුත් කිරීමට කටයුතු කරනවා.”
popular news
-
කපිල Sunday, 01 November 2020 04:32 PM
ධීවර ප්‍රවාහනයට නීති හදන්නේ නැතුව මාළු ප්‍රවාහනය සහ අලෙවිය දින 14 කට තහනම් කරන්න. වෙළඳපලේ ඉල්ලුම අතු වනතුරු මාළු ඇලීම නවත්වන්න. ඔය සති දෙකට මාළු කෑවේ නෑ කියල මිනිස්සු මැරෙන්නේ නෑ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
