භානුක රාජපක්ෂ යළිත් කණ්ඩායමට එක්කරන ලෙස ක්රිකට් ආයතනයට බල කරමින් ක්රිකට් ප්රේක්ෂකයන් පිරිසක් ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.
ඇඟ බැලුවනම් අර්ජුනත් නෑ 96 ලෝක කුසලානයත් නෑ ඇතුළු විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් ඔවුන් මෙම විරෝධතාවේ නිරතව සිටියේය.
මෙම විරෝධතාවට එක්වූ පුද්ගලයෙක් සඳහන් කළේ " ඇඟ බැලුවනම් අර්ජුන, දුලිප් ක්රිකට් ගහන්නේ නෑ. ක්රිකට් ගහන්න ඕන හයිය. අයි.පී.එල්. වලට ලංකාවෙන් යන එකම පිතිකරුවා භානුක රාජපක්ෂ. ලසිත්ට, කුලසේකර කරපු දේ භානුකට කරන්න ක්රිකට් ආයතනය හදන්නේ"


