ඇගිලි සලකුණු නොමැතිව රේගුව රුපියල් කෝටි 142ක් අතිකාල ගෙවලා
ඇගිලි සලකුණු යන්ත්ර භාවිතා කිරිමකින් තොරව රේගු නිලධාරින් සදහා ඉකුත් වර්ෂයේ දි (2025) අතිකාල දිමනා ලෙස රුපියල් එකසියහතලිස්දෙකෝටි, හැටදෙලක්ෂ, දාසයදහස් හයසිය හැටදෙකක මුදලක් (1,426,216,662) ශ්රි ලංකා රේගුව විසින් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම නැව්බඩු පරික්ෂා කිරිමේ ගාස්තු ලෙස රුපියල් නමකෝටි, විසිලක්ෂ,විසිහත්දහස්,හැත්තැහතරක මුදලක් (92,027,074) සහ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ගාස්තු ලෙස රුපියල් එක්කෝටි විසිනමලක්ෂ,හැත්තැනමදහස් දෙසියක (12,979,200) මුදලක් පැමිණිම හා පිටවිම විධිමත් ලෙස තහවුරු කර ගැනිමකින් තොරව නිලධාරින්ට ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
රාජ්ය පරිපාලන චක්රලේඛ ප්රකාරව සියලුම රාජ්ය ආයතනවල රාජ්ය නිලධාරින් පැමිණිම හා පිටවිම සනාථ කිරිම සදහා ඇගිලි සලකුණු යන්ත්ර අනිවාර්යෙන් භාවිතා කළයුතුය. සියලු රේගු නිලධාරින් අනිවාර්යෙන් ඇගිලි සලකුණු යන්ත්ර භාවිතා කළ යුතු බවට2023 හා 2024 යන වර්ෂවල පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභා නිර්දේශ තුලද දක්වා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

