ඇගළුම් සේවිකාව මියගියේ අකුණකින් නෙමෙයි
හබරාදුව කොක්වත්ත ප්රදේශයේ නිවසක නේවාසිකව රැදිසිටි ඇගලුම් සේවිකාව මියගොස් ඇත්තේ නිවසට අකුණුසැර වැදි එහි සුන්බුන් මෙම තරුණියගේ හිසමතට වැටිමෙන් හිසට වු තුවාල හේතුවෙන් බැව් පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.
මෙම තරුණියට අකුණුසැර වැදි නොමැති බව පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි තිබුණි.මියගොස් ඇත්තේ සේනානායක ප්රිතිගල්ලගේ ඉමාෂා මදුභාෂණි හිතවංශ (26) නැමති නො 49, රොටඹුපාර, පස්ගොඩ ප්ර දේශයේ පදිංචිකාරියකි. ඇය කොග්ගල ආයෝජන ප්රවර්ධන කලාපයේ ඇගලුම් කම්හලක සේවය කරමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත.එහි සිටි තවත් තරුණියක් තුවාල ලබා කරාපිටිය ජාතික රෝහලට ඇතුළත්කොට ඇති අතර ඇය දැඩි කම්පන තත්ත්වයෙන් පසුවන බව හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.
මියගිය ඇගලුම් සේවිකාවගේ හදිසි මරණ පරික්ෂණය හබරාදුව හදිසි මරණ පරික්ෂක කමල් ගාමිණිතිලක මහතා විසින් සිදුකරණු ලැබිය. මියගිය තරුණිය සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා වු අතර ඇය මිට වසර එකහමාරකට පමණ ඉහතදි කොග්ගල ආයෝජන ප්රවර්ධන කලාපයේ ඇගලුම් කම්හලක රැකියාවට පැමිණ ඇත. ඇය මෙම අනතුර වු දිනට පෙර දින රාත්රි නිවස බලායාමට සුදානම්ව සිට ඇත. එහෙත් රැබෝවිම නිසා ඇය එදින නිවසට ගොස් නොතිබු බව හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය වි තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
