ඉදිරියේදී රටේ ආහාර හිගයක් ඇති වන බවට වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත්විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් එම වැරදි මතය සමාජගත කිරීම සඳහා මහත් වෙහෙසක් දරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මහනුවර මහවැලි රීච් හෝටලයේදී ඊයේ (29දා) පැවති උත්සවයකදී ඒ බව අවධාරණය කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“තවත් මාස කීපයකදී බඩු මිල අඩු කර ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන්න පුළුවන්. මේ රටේ ආහාර හිගයක් ඇති වෙනවා කියලා විශ්වවිද්‍යාල ආචාර්යවරු කිව්වා. ගොවියෝ කිව්වා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්නවා රසායනික පොහොර සමාගමක අධ්යක්ෂ වරයෙක් .
ඒ මහාචාර්යවරයා ඇවිත් කිව්වා රටේ ආහාරයක් ඇති වෙනවා කියලා.නමුත් කිසිම ආහාර හිගයක් එන්නේ නැහැ. මේ රටේ මිනිස්සු කන්නේ ගිය කන්නයේ අස්වැන්නෙන් ලබාගත්වී ටිකයි. නිෂ්පාදනයේ අඩුපාඩු තිබුණත් ආහාරයක් ඇති වෙන්නේ නැහැ.”
ෂේන් සෙනෙවිරත්න